Tuesday, November 15, 2011

නුඹ ගෙන ගිහිල්ලා


හොරු ඇවිල්ලා
නුඹ ගෙන ගිහිල්ලා
සුභ මඟුල් නැකතින්
ඔහුගේ අතින'ත බැඳෙනවා...

සොරු ඇවිල්ලා
මගෙ හුස්ම අරගෙන
සුභ මඟුල් නැකතින්
නුඹ ඔහුගේ වෙනවා...

හොරු ඇවිල්ලා
අපෙ සිතුම් නොතකා
නුඹ ගෙන ගිහිල්ලා
සුභ මඟුල් නැකතට
මනාලිය කරලා...

Tuesday, November 1, 2011

සුන්දරම යුවතියකි ඇය...


සිතුම් සැලුණා, හද මගේ ගැහෙන හඬ, ඇත්තටම මට ඇසුණා...
දුම්රියේ ගමනක යන අතරතුර,තරුණියක මගෙ නෙතු අසළ රැඳුණා...

මව් දෑත අල්ලගෙන, මා ඉදිරියේ සිට ගෙන...හිමි ලෙසින් හැඟි තරුණයෙකු,මා වෙතින් විමසුවා, "මගෙ අසුන ඇය නමට"

සුන්දරම යුවතියකි ඇය...මා පිදූ අසුන මත,සුව පහසු වූව ඇය...සය මසක් පමණ වන කුසකුත් දරාගෙන...

තුති පුදන්නට මදහසක් පා, පළමුවර මා වුවණ දුටු ඇය, මොහොතකින් ගල් වෙලා යන හැටි, දුටුව මගෙ හිත කඩා වැටුණා...පනින්නට හැඳු කඳුළ රැක ගෙන, මුව පුරා මදහසක් පා නුඹ වෙත,හිමි හිමින් එතනින් එහාවට, මං එන්න ආවා...

ඇසෙන නෑසෙන හඬින්,චකිතයට පත් බැල්මකින්, මව් ඇගේ සිනාවක් පා,තුති පුදණු ඇසුණා,ඇගේ හිමි දෙස බලනු, නෙතු කොනින් මා හොඳ හැටිම දුටුවා...

තුති පුදන්නට කිසිත් නැත,අම්මෙ ඇය මගේ පණ මෙනි, කියන්නට දැන් පමා වී ඇත, හිමි සඳට සිනාවක් පා,හිමි හිමින් එතනින් එහාවට, මං එන්න ආවා..

Monday, October 31, 2011

තෑන්ක්ස් මචං


දුම්රියේ හමු වුණු
ඉපැරණිම මිතුරෙක්
විමසුවා මගෙන්
නුඹේ වගතුග...

"ඉතිං කොහොමද මචං,
නුඹේ අර ලොවෙත් නැති ලව් එක..."

නුඹව මට මුණ ගස්සන්න
මගේ මිතුරන් කාපු කටු සිහිව
සිනාවක් එබුණා
කාලෙකට පසු මගෙ දෙතොළ අඟ..

:)

"අවුලක් නෑ මචං, සිහින නම් ලස්සනයි, හැබෑවට අපි දුරයි"
කෙටි පිළිතුරක් මං පැවසුවා
වෙන කියන්නට දෙයක් නැති නිසා...

කොළඹ කොටුවට පැයක් ගත වුණා
මගෙ මිතුරු ගොඩක් දේ පැවසුවා
ගොඩක් දේ විමසුවා...
මට මතක මෙච්චරයි...

අවසනට ඔහු පැවසුවා...
"උඹ පිච්චුණ ඔය පිච්චිල්ලට,අනිවා කෙල්ල උඹෙම කර ගනින් මචං "
ඇත්තටම ඒ වචන කීපයට මං හරි ආදරෙයි...

තෑන්ක්ස් මචං :)

Tuesday, October 25, 2011

රාත්‍රිය දිගයි...


රාත්‍රිය දිගයි...
දිගයි...
අහස පුරාවට කළු පාටයි...
අද අමාවක වගේ;
එළි තිතක් නෑ...
කෑළි කැපිය හැකි ඝන අඳුර කියන්නේ,
මේ තිත්ත කළුවරට වෙන්න ඇති...

කවුළුවෙන් ඇතුළට,
හීතළක් එබෙනවා,
ගැහැණියක් නැති මගෙ සයනයේ
සීතළට මා වෙව්ලනවා...

සුබ රාත්‍රියක් මගෙ පුංචි කෙල්ලේ!!!

Saturday, October 15, 2011

අප ප්‍රේමයට උන් සැම බියය...


මුළු ලොවම එක්වී
අපව දෙපසට අඳින
අවි අමෝරා ළං ව
පෙති ගසන්නට හඳන...
අප ප්‍රේමයට උන් සැම බියය...

අපට මෙතරම්ම බාධක
අදහා ගන්නට බැරිය...
මගෙ සියොළඟ රුහිරු සොළවා
මගෙ හිත කඩන්නට බැරිය...

නුඹැ මා අප දෙදෙන
මේ සංසාරගත ප්‍රේමයකි...
පෙර බවෙත් මගෙම වී නුඹ,
ඉන්න ඇති සවිය වී මගෙ ළඟ...

Wednesday, October 12, 2011

???

මහා ගිනි කතරක,
පවා සුවඳ මල් සුපිපෙන විටෙක
මා ලතෙත් ලය මඬල තුළ
සුපිපෙන්න කිමද බිය නුඹ?...

හිනාව...


හිතේ තුවාල වහලදාන
හොඳම වැස්ම...

XXX


බලනකන් තදියම...
ඊට පසු ලොවෙත් නැත...