Monday, October 31, 2011

තෑන්ක්ස් මචං


දුම්රියේ හමු වුණු
ඉපැරණිම මිතුරෙක්
විමසුවා මගෙන්
නුඹේ වගතුග...

"ඉතිං කොහොමද මචං,
නුඹේ අර ලොවෙත් නැති ලව් එක..."

නුඹව මට මුණ ගස්සන්න
මගේ මිතුරන් කාපු කටු සිහිව
සිනාවක් එබුණා
කාලෙකට පසු මගෙ දෙතොළ අඟ..

:)

"අවුලක් නෑ මචං, සිහින නම් ලස්සනයි, හැබෑවට අපි දුරයි"
කෙටි පිළිතුරක් මං පැවසුවා
වෙන කියන්නට දෙයක් නැති නිසා...

කොළඹ කොටුවට පැයක් ගත වුණා
මගෙ මිතුරු ගොඩක් දේ පැවසුවා
ගොඩක් දේ විමසුවා...
මට මතක මෙච්චරයි...

අවසනට ඔහු පැවසුවා...
"උඹ පිච්චුණ ඔය පිච්චිල්ලට,අනිවා කෙල්ල උඹෙම කර ගනින් මචං "
ඇත්තටම ඒ වචන කීපයට මං හරි ආදරෙයි...

තෑන්ක්ස් මචං :)

2 comments:

  1. උඹ එක අතකින් වාසනාවන්තයි.
    බොට මතක් කරන්න හරි කෙල්ලෙක් ඉන්නව....
    අපට එහෙමවත් නෑ!... :(

    ReplyDelete