Tuesday, November 1, 2011

සුන්දරම යුවතියකි ඇය...


සිතුම් සැලුණා, හද මගේ ගැහෙන හඬ, ඇත්තටම මට ඇසුණා...
දුම්රියේ ගමනක යන අතරතුර,තරුණියක මගෙ නෙතු අසළ රැඳුණා...

මව් දෑත අල්ලගෙන, මා ඉදිරියේ සිට ගෙන...හිමි ලෙසින් හැඟි තරුණයෙකු,මා වෙතින් විමසුවා, "මගෙ අසුන ඇය නමට"

සුන්දරම යුවතියකි ඇය...මා පිදූ අසුන මත,සුව පහසු වූව ඇය...සය මසක් පමණ වන කුසකුත් දරාගෙන...

තුති පුදන්නට මදහසක් පා, පළමුවර මා වුවණ දුටු ඇය, මොහොතකින් ගල් වෙලා යන හැටි, දුටුව මගෙ හිත කඩා වැටුණා...පනින්නට හැඳු කඳුළ රැක ගෙන, මුව පුරා මදහසක් පා නුඹ වෙත,හිමි හිමින් එතනින් එහාවට, මං එන්න ආවා...

ඇසෙන නෑසෙන හඬින්,චකිතයට පත් බැල්මකින්, මව් ඇගේ සිනාවක් පා,තුති පුදණු ඇසුණා,ඇගේ හිමි දෙස බලනු, නෙතු කොනින් මා හොඳ හැටිම දුටුවා...

තුති පුදන්නට කිසිත් නැත,අම්මෙ ඇය මගේ පණ මෙනි, කියන්නට දැන් පමා වී ඇත, හිමි සඳට සිනාවක් පා,හිමි හිමින් එතනින් එහාවට, මං එන්න ආවා..

No comments:

Post a Comment