Saturday, January 28, 2012

මහ ගොඩක් මට ලෝබයි!!!



කරුණාරත්න දිවුල්ගනේ මහතා ගයන මේ ගීතයට මං මහ ගොඩක් ලෝබයි.

"නෙතට උළෙලක් විය එදා ඔබ, කඳුළු බිඳුවක් වුව මෙදා, ඇයි මේ තරම් සිත පාරවන්නේ, මගෙන් වරදක් වුණිද මන්දා...

( නුඹ දැකීම තරම් සතුටක් එදා මෙදා තුරා මා වෙත නොවුණි.ඒ සතුට ලද මේ නෙතු දැන් නුඹව සිහිවෙන වාරයක් පාසා අහිමිවීමක් ගැන කඳුළු සලනවා)

ඔබෙන් තොර වුණු ලෝකයක් ගැන, සිතන්නටවත් නොහැකි හන්දා, ඔබේ සිත වෙන අතක රන්දා, එපා දුක ගෙන එන්න කැන්දා...

(එදා මෙදා තුර ගත වුණු සියක් දින වල නුඹ තමයි මගේ පණ නල.නුඹේ සිත අනෙකු ළඟ නවතා මගේ සිහිය සහ හුස්ම මට අහිමි කරන්න එපා)

නුඹේ රුව රසඳුනක් වූ මතු, කමක් නැහැ මට තවත් ඇසකට, නමුදු ඒ රුව තවත් කෙනෙකුට අයිති වෙනු බෑ, දරා ගන්නට..."

(එදා මෙදා තුර මා දුටු සොඳුරුතම රුව නුඹයි.සොඳුරුතම දසුන නුඹෙ සිනහවයි.නුඹ මගේ වුණු කලෙක සියක් තරුණයන් නුඹ දෙස බලනු දැක මා සිත සතුටින් ඉතිරුණා.ඇය මගේ යුවතිය.ඇය මගේ කෙල්ලයි... මා ආඩම්බරෙන් ඉතිරුණා...දැන් නුඹ මා දෙදෙනෙක්....මගේ වුණු නුඹ, වෙනත් කෙනෙකු හට හිමි වෙනු නම්, මට දරා ගන්නට බෑ... )

Left and Rght


Nothing’s left.
So nothing’s right.
Finally it is all about left and right.

Friday, January 27, 2012

ළඟ වුන්නා නම්...


ළඟ වුන්නා නම්...

මං ආදරෙන් බලා ගන්නවා එහෙනම්.තනියට ළඟ ඉඳන් ඔයාට අහන් ඉන්න දේවල් මං ඔහේ කියවන්නම්.අසනීපයෙන් ඔයා වැතිරගෙන ඉන්න ඇඳ අයිනට වෙලා වාඩිවෙලා ඔයාගෙ ඇස් සනීපයට පියවෙනකම් මං දන්නවා මං ඔයාගේ හිස අතගාවී.

වේදනාවට නෙතුවලින් පනින්නට හදන කඳුළු බිංඳුවක් දෙකක් එළියට එන්නටත් කළින්ම මං පිහිදලා දාවී.මං වයිරයි ඔය කඳුළු වලට...මං වයිරයි ඔය කඳුළු වලට...

දන්නවද, ඒ වුණත් මං පව්කාරයි.කඳුළු පුරොගෙන ඔෆීසියෙ වැඩ මොහොතකට නවත්තලා මේ සටහන ලියන්න හිතුවේ ඒකයි...මේ කඳුළු බින්ඳු මං දන්නවා මං තරම් අසරණයි.කඳුළු හුරු නැති මගෙ ඇස් අද හරිම දඟකාරයි, මුරණ්ඩුයි...

දිව්යඩය ලෝකයක් තරම් ලස්සනට නුඹේ ජීවිතය හැඩ වැඩ කරන්නට මතක ඇති කාලයක ඉඳගෙන හීන මවපු මට, නුඹට මේ මොහොතේ බත් කටක් අනලා කවන්නට බැරි එක ගැන මං මටම වයිරයි.

අම්මා ආදරෙන් ඔතලා දුන්නු බත් පත කාටත් හොරෙන්ම කුණු බක්කියට දාලා "කෑවද මචං?" කියලා ළන්නග වුන්නු සඟයා හැමදාම පුරුද්දට අහන පැනයට "ඔව් බං" කියලා සරලව උත්තර දුන්නේ නුඹ කෑමක් කටක් නොමැතිව ඉන්න මොහොතේ වතුර උගුරක් බොන්න තරමටවත් මගේ හිත නොනැමුණු හින්දයි.දන්නවද, හවස බොන්න ගත්ත තේ උගුරෙ රස දැනුනු මොහොතෙම මට හීල්ලිලා ගියා.සමහරවිට මං කල්පනා කරනවා වැඩි ඇති.මට කමක් නෑ,මට වැදගත් එකම දෙය නුඹ ඉක්මනින් සුව වෙනවා දකින එක විතරයි.

නුඹ ඔහේ,මම මෙහේ...මම දන්නවා නුඹ පරිස්සම්...ඒත් ඒ දෙය නෙතින් දැක හිතින් සැනසෙනාතුරු මගෙ හිතට නිවනක් නෑ....

නුඹට තෙරුවන් සරණයි...දෙවියන්ගෙ පිහිටයි..

............


සිහින බිඳුණා
සිහින බිඳුණා
සිහින බිඳුණා
සිහින බිඳුණා.....................................................................................................................................................................................................................................................................................මගෙ සිහින බිඳුණා......................................................................................................................................................................................

නුඹ සිහි නොවුණු බව....


අද දුම්රියේ මා ඉදිරිපස අසුනේ
එක තරුණ යුවළක්
හිනා වී අත් අල්ලගෙන
හරි සුන්දරම දසුනක්...
මට නුඹ සිහි නොවුණු බව කිව්වොතින් නම්
එය අමූලික බොරුවක්....

වට පිට ගැන කුමට කරදර
උන්ගෙ ලෝකයෙ තනි වෙලා ඉඳගෙන
මුමුණමින් රහසක් දෙකක් ඉඳහිට
හිනාවෙයි උන්...
මට ලොබ දැණුනෙ නැති බව කිව්වොතින් නම්
එය අමූලික බොරුවක්....

විභාගය


විභාගය දැන් ළඟයි.
අද නම් පාඩම් කරනවා.
ඔෆිස් ගිහින් ආව විතරයි.
වොෂ් එකක් දාගෙන පාඩමට බහිනවා.

පට්ටම පට්ට බඬගිනී බත් කාලම ඉන්නවා.
බත් කන ගමන් අපරාදෙ හින්ද,
නිකමට වගෙ ෆිල්ම් එකකුත් බලනවා.
ෆිල්ම් එක පට්ට,
අම්මට හුඩු මගෙ ස්ටොරි එකමයි.
මේක බලලම, පාඩමට බහිනවා
විභාගය අත ළඟනෙ.

හිතුවට වැඩිය රෑ වුණා.
සෙල්ලම් කෙරුමක් ද,
උදේ ඉඳගෙනම වැඩමයිනෙ.
ඔන්න ඔහෙ උදේ ඇහැරිලා,
ඇත්තමයි පාඩම් කරනවා.
උදේ නම් හරි හීතලයි,
ඇහැරෙන්න නම් ලෝභයි.
මොනව දුන්නත් දැන්න නම් නැඟිටින්න බෑ,
තව ටිකක් නිදා ගන්නවා.

අප්පා ඊයේ දවසම ඉවරයි.
අද නම් ගෙදර ආව ගම්න් ම,
පාඩමට භිනවා.