Sunday, January 29, 2012

තෝරා ගැනීම අයිතියක්


තෝරා ගැනීම අයිතියක්
අන් සියල්ලටම ඉහළින්
මා තෝරා ගත්තේ නුඹයි...
එනයින් නුඹ මා තෝරා ගත යුතුම යැයි කියා
නියමක් නැත..
නුඹේ තේරීම කවරක් වුවත්
මා එයට ගෞරවයයි....

නුඹ අමතක කරන්නට මා උත්සහා කල බව
සැබෑවක්...
එය යළි යළිත් අසාර්ථක වීම වෙනත් කරුණක්
මහ ගොඩක් කාලෙකට පෙර
මා නෙතු ගැටුණු
පුංචි ලස්සන දඟකාර මුරණ්ඩු කෙල්ලට
මං තවම ආදරේ බව මම දන්නවා...

මා සමඟ හෝ මා තොරව හෝ
නුඹ සතුටින් සිටීම
මා ප්රීටතිය වන බව,
නුඹ දන්න වග මම දන්නවා...

මට කියන්නට අවැසි මෙපමණයි,
නුඹ බොහොමත්ම සීරුවට ආදරෙන්
සිත් නොරිදන්න වෙහෙසනා
නුඹේ ජීවිතේ දයාබර වූවන්ගේ මෙන්ම
මගේ සිතුවිලි,
මගේ සිතත්
වේදනාවාට පත් වෙන බව...

සියළු සෑම දෙනා සනසන්න බැරි බව ඇත්තක් වුණත්
කරුණාකර තෙරුම් ගන්න,
නුඹ ඔවුන් සනසන්න වෙහෙසනා මොහොතක
නුඹට ආදරය කළ මගේ සිත
දෑවී අළුවෙමින් පවතිනා බව...

පරිස්සමින් සතුටින් ඉන්න
සිහින සැබෑ වුණත් නොවුණත්
සිහිනයක මිහිරියාව සදාතනිකයි....
ඇසෙන නොඇසෙන මානයක
පෙනෙන නොපෙනෙන දුරක
මම ඉන්නවා...
පමා වැඩි නැහැ...

වෙන්ව යන්නෙමි...


සුදු දෑත අරගෙන
ආදරෙන් සිපගෙන
ආදරෙයි කියලා
ඉන්න මට නැහැ නුඹේ ළඟ
ලෝකයක් අප දෙපසකට කරලා...

පුංචි නිල් නෙතු දුටුව දිනකදි
මහ ගොඩක් පෙම් බැන්දා
මහ ගොඩක් කල මහ ගොඩක් පෙම් කර
යන්න යන්නෙමි "ඔහුට" නුඹ දීලා...

පෙරුම් පුරලා, මඟ බලා හිඳ
අතර මඟ හමුවීලා
දෑත අරගෙන ආදරෙන් මිරිකා
යන්න යන්නෙමි
කඳුළු බිඳු හංඟා...